සිංහයෝ ගොරවනවා තමයි..!

0
671
harin

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ඊයේ (01) මැයි දින රැස්වීම් වේදිකාවේ යම් බහින්බස් වීමක් සිදුවිය.

ඒ සම්බන්ධයෙන් අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

පක්ෂ තුළ කිසිදු ආරවුලක් නැතත් සිංහයන් සිටින තන්වල එවැනි ගෙරවිලි තිබෙන බවයි මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ.

සිංහයන් ගොරවන විට නරි හූ කීම සාමන්‍යය දෙයක් බවත් ඔහු පවසනවා.

තමන් වැරදි කර නොමැති බැවින් සරත් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍ය වූ විට හිරේ යාමක් සම්බන්ධව තමා බිය නොවන බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here