Sunday, September 22, 2024

6 වෙනිදට රටම SHUT DOWN වෙයිද?

ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි. රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවේ එම වර්ජනයට එක්වන අතර රටපුරා හර්තාල් ක්‍රියාමර්ගවල නිරතවන බව ද ඔවුහු කීහ. 

රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතා එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ද ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ද වාර්තා වෙයි.

මේ අතර, වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට ඒකමතික තීන්දුවක් ගෙන තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල ස්වෙච්චාවෙන් සැපයෙන බවයි.

අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සඳහා එදිනට රොහල් වෙත නොපැමිණෙන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එදින උදෑසන 9සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට හර්තාල් ව්‍යාපාර පැවැත්වෙන අතර මෙම හර්තාල් ව්‍යාපාරයේදී මහජනතාවගේ පොදු දේපල වලට කිසිදු හානියක් සිදු කිරීම හෝ ප්‍රචණ්ඩත්වය කිසිවිටෙකත් සිදු නොකල යුතු බවටත් ඔවුන් තරයේ අවධානය යොමු කරන බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles