අපිට ඔනේ මහින්ද විතරයි.

0
621

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවේදී ඊයේ(02) සඳහන් කළ බවට තොරතුරු වාර්තා වනවා.

එවැන්නක් සිදුවුවහොත් කෙටි කලක් සඳහා පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි පක්ෂ නායක කමිටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා හැර වෙන අයෙකුගේ නමක් යෝජනා නොකරන බව බැසිල් එහිදී සඳහන් කර ඇත.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව අතරට ගෙන ගිය සම්මුතිය වුයේ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව බැවින් එම ජනතා වරමට පිටස්තරව වෙනත් අයෙකුගේ නමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමට සුදානම් නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here