පාස්පෝර්ට් කන්තෝරුව වටලයි…(VIDEO)

0
758

විදේශ ගමන් බලපත්‍ර සේවා අත්හිටුවීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙහි ප්‍රධාන දොර විවර කරගෙන විශාල පිරිසක් ඇතුලුවී තිබෙනවා.

මේ මේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර සේවා අත්හිටුවීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් අද උදෑසන ආරම්භ වුණා.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

මීට දින කිහිපයකට පෙර ද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, පසු ව එය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණා.

දර්ශන : gagana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here