සියඹලාපිටිය සමඟ මහින්දත් යයි.. ඇමති මණ්ඩලය සඳුදා නැවත විසිරේ..! BREAKING!

0
1768

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට  තීරණය කර ඇතැයි වාර්තා වේ.

අද දිනයේ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නි. කථානායක ලෙස ඊයේ තේරි පත්වූ රංජිත් සියඹලා පිටිය මහතාද ධුරයෙන් සමුගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  අද (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී  අගමැතිවරයා  ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි  දැනගන්නට ඇත.

රට තුළ  ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා  ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට්  මණ්ඩලය ද  ඉබේම අහෝසි වනු ඇත.

රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත් ,ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ  රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම  බරපතළ ගැටලුවක් වී ඇතැයි   ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අර්බුදකාරි තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

 එහිදී  අහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම  නම් අගමැති  ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here