LTTEයට මුදල් රැස්කළ 13ට අධිචෝදනා

0
322

තනහම් ත්‍රස්ත සංවිධානයක් වෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීම පිළිබඳව 13 දෙනෙකුට ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් අධිචෝදනා බාර දී තිබේ.

ස්විට්සර්ලනත්යේ, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ 13 චෙනෙකුට මෙසේ අධිචෝදනා බාර දී ඇති බව ස්විස්ඉන්ෆෝ පුවත්සේවය වාර්තා කරයි. තහනම් අපරාධ සංවිධානයක සාමාජිකයන් වීම වැරදි, අසත්‍ය සහතිකකරනය හා මුදල් විශුද්ධීකරණය යන චෝදනා යටතේ මෙසේ ඔවුන්ට අධිචෝදනා ගොනු කර තිබේ.

ස්විට්සර්ලනත්යේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ත්‍රස්ත සංවිධානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15.2 (රු.මි. 2249.6ක්) ඔවුහු මෙසේ රැස්කර තිබෙන බවත් නීතිපති කාර්යාලය උපුටා දක්වමින් ස්විස්ඉන්ෆෝ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here