හරීන් SJB හැර යයි..

0
537
harin

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දැනුම් දී තිබෙනවා.

තමාගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් දැනට තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අප සමග පවසා සිටියා.

අද සවස පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බවයි වාර්තා වන්නේ. රට තුළ උද්ගත වී ඇති අරාජික තත්වය සමනය කර ගැනීම සඳහා පක්ෂයක් ලෙස පියවර ගත් යුතු බවට පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායකවරයාට යෝජනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here