පෑලියගොඩින් කොකේන් කිලෝ 274 ක් සහිත කන්ටේනරයක් මතුවෙයි..

0
513

පෑලියගොඩ ආහාර  ගබඩාවකින් කොකේන් කිලෝග්රෑම් 274ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම කොකේන් තොගය මෙය බවද ඔවුන් පෙන්වා දෙයි.

අද(21) පස්වරු 6.20ට පමණ කන්ටේනරයකින් කොකේන් කිලෝ 274ක් පමණ සොයා ගත් බවත්, තවත් කන්ටේනර දෙකක් පරීක්ෂා කිරීමට ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම කන්ටේනරය යොදා ගෙන ඇත්තේ සීනි ප්‍රවාහනයට බව සඳහන්ය.

මීට මාසයකට පමණ පෙර ද කොකේන්  කිලෝ 93ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here