අනාථ මන්ත්‍රීලාට නිවෙසක් සනාථ වේ!

0
723

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ    නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මැති ඇමැතිවරුන් 55  දෙනකුට අයත් නිවාස ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාර වලින්  සහ  ගිනි තැබීම්වලින් පසුගිය දිනවල විනාශයට පත්විය.

මෙයට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී  අද පෙරවරුවේ   පැවති හමුවේදී  මේ බව අනාවරණය කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here