2020 දී දුම්කොළ සමාගම අහෝසි කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
බරවා රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අද ලැබූ සහතිකය වැදගත් බවත්, එය මෙරට සංචාරක කර්මාන්තයට බෙහෙවින් යහපත් තත්ත්වයක් බවත්, හෙතෙම කියයි.
එසේ වුවද මෙරට බොහෝ පිරිසක් ලෙඩ රෝගවලින් පෙළෙන බව පෙන්වාදෙන අමාත්‍යවරයා ලබන වසරේදී ශ්‍රී ලාංකිකයින් සියලුදෙනාට ෆුල් බොඩි චෙකප් සිදුකිරීම අනිවාර්ය කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
පෞද්ගලික රෝහල් නියාමනය යටතේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගියෙකු විනාඩි 10ක් වෛද්‍යවරයා විසින් පරික්ෂා කළ යුතු බවද හෙතෙම කීවේය.
එසේම ශල්‍යකර්ම සිදුකිරීම ඇතුළු ප්‍රතිකාර අවස්ථාවන් හිදී වෛද්‍යවරුන් රෝගියෙකු සඳහා වැඩි කාලයක් වෙන් කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් වෛද්‍යවරුන්ට වඩා අදාළ රෝහල් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
මේ අතර සාලාවේ පිපුරුමෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම හා ඔවුන්ගේ නිවාස ඉදිකිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවත්, මෙම සිද්ධිය ගැන පොලීසිය, හමුදාව, රහස් පොලීසිය තවදුරටත් පරීක්ෂණ කරන බවත්, ඇමතිවරයා පැවසීය.
මේ අතර යාපනයේ සිදුවීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැමුන් මෙම ප්රශ්නය වාවා ගැනීමට කෙළ හල හලා බලා සිටින බවයි.
28 වැනිදා පා ගමන නිසා බැසිල් රාජපක්ෂ ලබන 1 වැනිදා දක්වා රිමාන්ඩ් කළ බවට එල්ල කරන චෝදනා ද ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ එම පා ගමනින් රජයට බලපෑමක් නැති බවය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එස්.එෆ්ගේ නම සඳහන් පුවත් පළවීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒවා රාජපක්ෂ හිතවාදී වෙබ් සයිට් ලෙසය.