මහින්දටත් ඉදිරිපෙළ අසුනක්..

0
464

නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ මුල්පෙළ අගමැති ආසනය (හත්වෙනි ආසනය)පිරිනැමෙන අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද ඒ පැත්තේම ඉදිරි පෙළ ආසනයක් වෙන් කිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකු හෙයින් ඔහුට අනිවාර්යෙන්ම ඉදිරිපෙළ ආසනයක් වෙන් කළ යුතුව ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙන් කරනු ලැබ ඇත්තේ විපක්ෂය පැත්තේ ඉදිරිපෙළ අසුනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here