ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(21) පාර්ලිමේන්තු මන්දිරයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඒ සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කිරීම සඳහා ගිවිසුම පසුව අත්සන් කරන බව ද, මේ ආණ්ඩුව තුළ එජාපය හා ශ්රීපනිප ය වසර 5ක් දක්වා එකට වැඩ කරන බවද ඒ මහතා පවසයි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වූ දේවල් මෙම ආණ්ඩුව මගින් සිදු කළ බවද, ජනතාව ඉල්ලූ ප්රජාතන්ත්රවාදය ජාතික ආණ්ඩුවක් මගින් ලබා දී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන අමුණ වූයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත්, එය නැවත සිහිපත් කරගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම කණ්ඩායමකට ඇමැති කම් ගන්න ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කළඳ ජාතික ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ පුද්ගල යහපත උදෙසා රටේ ජනතාවට සේවය කිරීමට බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඒ අවස්ථාවට එක් වූ කබීර් හෂීම් මහතා ප්‍රකාශකර සිටියේ ආදරය කර විවාහවීමට වඩා යෝජනා විවාහය තුළ ප්‍රශ්න, ගැටළු නැති හෙයින් මෙම සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම දීර්ඝ බවයි.