අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා..

0
495
kanchana

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මැති ඇමතිවරුන්ට ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබේ.

එම පණිවිඩය,

“මහජනතාවගේ කලකිරීම සහ කෝපය මට තේරෙන අතර, මන්ත්‍රීවරුන්ට සහනාධාර ඉන්ධන මිල දී ඇති බවට හුවමාරු වන පෝස්ට් අසත්‍ය වේ. දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ලබා දී නැත”

“පොලිස් ගරාජයේ ඩිස්පෙන්සරයේ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති අතර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමි. ගිලන්රථ අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිවකුට ඉන්ධන පිරවුම්හල්වල වරප්‍රසාද දීර්ඝ නොකරනු ඇත.”

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන්කර සිටිනවා.

එම නෞකාවෙන් ගොඩබානු ලබන පෙට්ට්‍රල් තොග දිවයිනේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ළඟා වීමට තවත් දින 02ක් ගතවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

මේ හේතුවෙන් පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස මහජනතාව ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here