Thursday, November 28, 2024

ශ්‍රී ලංකන් යානා 03 ක් පකිස්ථානයට – මත්තල ගුවන් තොටුපල චීනයට

ශ්‍රීලංකා ගුවන් සමාගම සතු යානා 3 ක් එහි පවත්නා අධික පාඩුව නිසා පකිස්ථානයට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

පළමු අදියර යටතේ එක් යානයක්ද පසුව අනෙක් යනාද බදු පදනම මත ලබාදෙන බව අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පළමුව ලබා දෙන යානය ලන්ඩන් සහ ලාහෝර් අතර ගුවන් ගමන් සිදු කරන බවත් එම යානාවල සේවය කරන්නේ ශ්‍රී ලංක ගුවන් සමාගමේ සේවකයන් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මත්තල ගුවන් තොටුපළ චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අගමැතිවරයා පවත්වන සාකච්ඡා සාර්ථක වී අැති බවත් එ් අනුව ඔවුන්ට එය පවරන බවටත් සදහන් කළේය.

චීන සමාගමට එ් අනුව එහි ණය පියවිමට පවරන බවත් දැනට එයින් ලැබෙන්නේ රුපියල් 16000/- ආදායමක් බවද එතුමා පැවසීය.

දැනට ශ්‍රී ලංකාව සතුව ගුවන් යානා 20 ක් පවතින අතර ගුවන් නියමුවන් 300 සිටින බවද මීට අමතරව සිටින සියලු කාර්යය මණ්ඩලය නඩත්තු කිරීම ඉතා අපහසු බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles