කරච්චි ප්‍රහාරයෙන් පසු චීන ගුරුවරු පාකිස්ථානය හැර යති.

0
490
Police officers and crime scene unit gather near a passenger van, after a blast at the entrance of the Confucius Institute University of Karachi, Pakistan April 26, 2022. REUTERS/Akhtar Soomro - RC23VT9VYVP8

කරච්චි ප්‍රහාරයෙන් චීන ජාතිකයින් තිදෙනෙකු මියයාමෙන් සති කිහිපයකට පසු කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ උපදේශකයින් නැවත චීනයට කැඳවා ඇති බව වාර්තා වේ.

කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව 2013 වසරේ දී පිහිටුවන ලදී.

මෙම ආයතනය මැන්ඩරින් ඉගැන්වීම සහ චීනය සහ පකිස්ථානය අතර මානව සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවන ලද්දක් බව ද සදහන් වේ.

චීන උපදේශකයින් ඔවුන්ගේ මව් රටට ආපසු පැමිණීම සිදුවන්නේ අප්‍රේල් 26 වන දින කොන්ෆියුසියස් ආයතනය ඉදිරිපිට චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කරච්චි විශ්ව විද්‍යාලයේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුවයි.

මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් චීන ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here