ත්‍රස්තවාදී ක්‍රියා ගැන සාකච්ඡාවට පකිස්තාන දූත පිරිසක් ඉන්දියාවට

0
508

ඉන්දියාව, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) අනුග්‍රහය යටතේ කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහ (RATS) සාකච්ඡාවක් නවදිල්ලියේ දී පවත්වා තිබේ.

මෙම .සාකච්ඡාවට පාකිස්ථානයේ සිට ත්‍රිපුද්ගල දූත පිරිසක්ද ඇතුලුව SCO හි සියලුම සාමාජිකයින් සහභාගී වූහ.

පාකිස්තානයේ අන්තර් අමාත්‍යාංශ නියෝජිත පිරිස ඊට සහභාගිවීමට වාගා දේශසීමාව හරහා ඉන්දියාවට ළඟා වී ඇති බව ද පැවසේ.

පාකිස්තාන නියෝජිත පිරිස මැයි 20 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටින බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේය.

පසුගිය මාසයේ, SCO සාමාජික රටවල නියෝජ්‍ය විදේශ අමාත්‍යවරු මොස්කව්හිදී උපදේශන පැවැත්වූ අතර එහිදී ඔවුන් හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානයේ පරිපූර්ණ රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඉස්මතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here