බස් ගාස්තුව වැඩිවේ! අවමය 40/-?

0
883

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධිත බස් ගාස්තු මේ වනවිට ගණනය කරමින් ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, අද (24) දිනයේ සංශෝධිත නව බස් ගාස්තුව අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව අද(24) දහවල් 12.00ට සංශෝධිත බස් ගාස්තුව ප්‍රකාශයට පත් කරන්නැයි ගමනාගමන කොමිසම වෙත දැන් වූ බවය.

ඒ අතරතුර IOC සමාගම ද සිය ඉන්ධන මිල වැඩිකර ඇත!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here