දිවයින පුරා ඉන්ධන හල් වෙත පැය 24 පුරා පොලිස් ආරක්ෂාව..

0
544

දිවයින පුරා ඉන්ධන හල් වෙත පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත්,පාමුර සංචාර,ජංගම සංචාර යොදවා නිතරම ඉන්ධනහල් අසල පරීක්ෂාවට ලක්කරන ලෙසටත් පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

සමහර ඉන්ධනහල් වෙත පැමිණෙන බාහිර පිරිස් මහජනයාට හිරිහැර වන අයුරින් වෙනත් මාර්ගවලින් ගොස් ඉන්ධන ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බවටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here