ශෂි වීරවංශට සිර දඬුවම්…

0
543
sashi

හිටපු කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර දෙකක සිර දඬුවමක් පනවා තිබෙනවා.

ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කූට ලේඛණ සකසා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව යටතේයි.

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අදාළ නියෝගය ප්‍රකාශයටයට පත් කරනු ලැබුවා.

මීට අමතරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ශෂී වීරවංශට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here