Monday, September 23, 2024

උතුරේ හමුදා කදවුරු ඉවත් කර, ඉඩම් ලබාදෙන්නැයි විරෝධතා…

වවුනියාව දිස්ත‍්‍රික්කය හා උතුරු පළාත තුළ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කර ගනිමින් පිහිටා ඇති යුද හමුදා කඳවුරු වහා ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාව තරුණ සංවිධානය අද (22) වවුනියාව කුඩිඉරිප්පු පිහිටි යුද හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.

විරෝධතාවයට එක් වු පිරිස පවසා ඇත්තේ වර්තමාන ආණ්ඩුව පිහිටුවා වසර එකහමාරක කාලයක් ගත වී ඇතත් වර්තමාන ආණ්ඩුව දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බවයි.

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගනිමින් පිහිටා ඇති යුද හමුදා කඳවුරු බලයට පත් වු වහාම ඉවත් කරන බවට පොරොන්දු වු වර්තමාන ආණ්ඩුව දෙමළ ජනතාව මුලා කරමින් සිටින බවද විරෝධතාකරුවන් ප්‍රකාශකර තිබේ.

උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බැව්ද විරෝධතාකරුවන් සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ ඉඩම් තුළ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කරන තෙක් විරෝධතා වැඩසටහන් ඉදිරියටත් පවත්වන බැව්ද වවුනියාව තරුණ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles