පාට කළ ආර්ථික පසෙකලා ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට එක්වන්න – මුදල් ඇමැතිගෙන් ඇරයුම්

0
599

රටේආර්ථිකය කඩා වැටී ඇතැයි මිත්‍යාවක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සහ කරන මෙම අවධියේ පාට කළ ආර්ථිකයක් නොව ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට එක්වන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරයි.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපට භාරදුන්නේ,  දණ ගැස්සූ ආර්ථිකයක්. අද සංවර්ධනය සෑම කොණකම ආරම්භ කර තිබෙනවා“ යැයි එහිදී  අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී මුදල් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“එදාට වඩා අද ජීවන වියදම අඩු කරගැනීමට හැකි වී තිබෙනවා.අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර තිබෙනවා. ජීවන වියදමට සාපේක්ෂව ආදායම වැඩි කරගෙන තිබෙනවා. ආදායමේ හා වියදමේ සමබරතාවයක් ඇති කර තිබෙනවා. එදා හම්බන්තොට වරායට කෝටි 28,200ක් වියදම් කළා. අද එහි ආදයම මිලියන තුන්සියයක්.මෙහි ණය ගෙවන්න සිදු වී තිබෙන්නේ කොළඹ වරායේ ආදායමෙන්. සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට මිලියන 4500ක් වියදම් කළා. අපි තක්සේරුවක් කළා. එහි වටිනාකම මිලියන 852යි. ඉතිරි මිලියන 3700ට සිදු වුණේ කුමක්ද?එය වියදම් කර තිබෙන්නේ කවුද?.මේවා ගැන ප්‍රශ්න කළාම දේශපාලන හිරිහැර කරනවා කියනවා.ආර්ථිකය කඩා වැටිලා කියලා මිත්‍යාවක් රටේ ගොඩනගන්න උත්සහ කරනවා. අපි රටේ ආර්ථිකය හදන්න පටන්ගෙන තිබෙනවා.අපට අවශ්‍ය වන්නේ, සැබෑ තත්ත්වය පෙන්නල, පාට කළ ආර්ථිකයක් වෙනුවට ජාතික ආර්ථිකයක්. “ඒ සඳහා එකතුවෙලා වැඩකරමු යැයි අමාත්‍යවරයා සියලු පාර්ශවයන්ට එහිදී ආරාධනා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here