WORK FROM HOME, ලබන සතියේ සිට…

0
591

ලබන සඳුදා (20) සිට නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ සුදුසු ක්‍රමවේදය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් මගින් දැනුවත් කරනු ඇති බවය.

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගෙන ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කරන තුරු සති 2 කට ආසන්න කාලයක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ද සුදුසු ක්‍රමවේදයක් තීරණය කර අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here