පෙට්‍රල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ලඟාවේ….

0
690

පෙට්‍රල් රැගත් නෞකාවක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අතරම පෙට්‍රල් මිල ඉහළ යාම ගැනත් ඊයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සඳහන් කළා.

එසේම හෙට (24) දිනයේදී ඩීසල් රැගත් නෞකාවක්ද පැමිණිමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කළේ.

රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීම හේතුවෙන් ජනතාව තවමත් දිගු ඉන්ධන පෝලිම්වල රැඳී සිටිනවා. දින දහයකට ප්‍රමාණවත් පෙට්‍රල් තොග මේ අනුව සැපයෙනු ඇති.

බොහෝවිට සඳුදා දිනය වන විට පෝලිම් තරමක් අඩුවනු ඇති බවත් සඳහන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here