Sunday, September 22, 2024

පැරදිලත් නිල නිවාස දාල නොයන මන්ත්‍රීවරු ගැන බිමල් කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක, රාජ්‍ය නිල නිවාස හිමිකමක් නොමැති පිරිස් විසින් අත්පත් කරගෙන ඇතැයි ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ හිමිකමක් සහිත තැනැත්තන්ට නිල නිවාස අහිමි වී තිබෙන බවයි මේ ආකාරයෙන් හිමිකමක් නොමැති පිරිස් විසින් නිල නිවාස අත්පත් කරගැනීම නිසා.

මන්ත‍්‍රී නිල නිවාසයක් සඳහා තමන්ට ද හිමිකමක් ඇතත්, තවමත් තමන්ට මන්ත‍්‍රී නිල නිවාසයක් ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සේවා කාර්‍යංශය මේ සම්බන්ධයෙන් පවසන්නේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් නිල නිවාස 120ක් තිබෙන බවයි. ඒවායින් 8ක් පරිපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවද ඉතිරි නිල නිවාස 112 මන්ත‍්‍රීවරුන්ට බෙදා දී ඇතැයි.

කෙසේ වෙතත් මෙම එක් නිල නිවාසයක පරාජිත මන්ත‍්‍රීවරයෙකු තවමත් නතර වී සිටින බවයි අදාළ ආයතනය වැඩිදුරටත් පැවසුවේ. ඔහුට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇතැයි ද සදහන් කරා.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සේවා කාර්‍යංශය කියා සිටින්නේ සම්ප‍්‍රදායට අනුව අමාත්‍ය ධූර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන මහජන නියෝජිතයින් වෙනුවෙන් ද මන්ත‍්‍රී නිල නිවාස වෙන් නොකරන බවයි .

කෙසේ වෙතත් ඇතැම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මන්ත‍්‍රී නිල නිවාසවල සිටින අවස්ථා තිබෙන බව ද වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles