මානව හිමිකම් නීතිඥයන් දෙදෙනෙකු සිරගත කිරීමට චීනය සැරසෙයි.

0
382

වසර දෙකකට වැඩි කාලයක් සිරගත කර සිටින චීන මානව හිමිකම් නීතිඥයින් දෙදෙනෙකු නුදුරේදීම නඩු විභාගයට ලක් කිරීමට චීන බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.

ෂු ශියෝන්ග් (49) සහ ඩින් ජිෂි (54) යන නීතිඥයින් දෙදෙනෙකුට රාජ්‍ය බලය යටපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර එය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසේ.

ෂැන්ඩොං පළාතේ ලින්ෂි මහජන අධිකරණය පූර්ව නඩු විභාගයක් පැවැත්විමට නියමිත බව ෂු ගේ නීතීඥවරයාට දන්වමින් සඳුදා නොතීසි නිකුත් කර තිබේ.

ෂු අත්අඩංගුවට ගත් කාලයේම අත්අඩංගුවට ගත් සහෝදර නීතීඥ ඩින් ජිෂි ද ළඟදීම නඩු විභාගයට ලක්කිරීමට නියමිත අතර පූර්ව නඩු විභාගයක් සංවිධානය කරමින් ඇති බව වාර්තා වේ.

චීනයේ සිවිල් සමාජය සහ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පූජියාන් පළාතේ ෂියාමෙන් නගරයේදී ක්‍රියාකාරීන් සහ නීතීඥයින් පිරිසක් සමඟ පැවති රැස්වීමකට සහභාගී වීමෙන් පසු ඔවුන් 2019 අගභාගයේදී සහ 2020 මුල් භාගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් නීතිඥයෙකු වන චැන්ග් වීපින් ද අත්අඩංගුවට ගෙන ඇති අතර රැස්වීමට සහභාගී වූ පැන්ග්ගෙන්ද පොලිසිය ප්‍රශ්න කළ නමුත් රදවා ගෙන නොමැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here