හිමාලයේ ජල පරිහරණය ගැන ලෝකයේම අවධානය

0
341
A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

හිමාලය කලාපයේ ජලය සම්බන්ධයෙන් වඩාත් සම්මුතිවාදී ප්‍රවේශයක් වර්ධනය කිරීමේ වගකීම චීනය භාර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී සංසදය (TDF) අවධාරණය කරයි.

ජුනි 22 වන දින , ප්‍රජාතන්ත්‍රවාදී සංසදය විසින් ලන්ඩනයේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී , ස්වභාවික හා භූ දේශපාලනික ගැටළුවල ගැටීම, ජලය දේශපාලනීකරණය කිරීම සහ හිමාලයේ ජලය සඳහා වඩාත් සම්මුතිවාදී ප්‍රවේශයක් අනුව වර්ධනය කිරීමට චීනයේ බැඳීම වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඔවුන් එහිදී ‘ඉදිරි හිමාලයානු ජල අර්බුදය: හේතු සහ බලපෑම්’ යන මාතෘකාව යටතේ සාකච්ඡා කර ඇති අතර මෙහිදී සංසදයේ සභාපති බැරී ගාඩිනර් විසින් දේශගුණික විපර්යාස සහ ජලය කෙරෙහි එහි බලපෑම් සහ හිමාලය මත යැපෙන රටවල් අතර වඩාත් සංකීර්ණ භූ දේශපාලනික ගැටළු පිළිබඳ අවධානයට ලක් කරනු ලැබ ඇත.

දේශගුණික විපර්යාස, වැඩිවන නාගරීකරණය හරහා වැඩි ජල භාවිතය, කාර්මික නිෂ්පාදනය ඉහළ යාම සහ වේලි ඉදිකිරීම යනාදිය පිළිබදව ද මෙහිදී සාකච්ඡාවලට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here