දකුණු චීන මුහුදේ චීනයේ හැසිරීම ඕස්ට්‍රේලියාවේ විවේචනයට

0
444

දකුණු චීන මුහුදේ චීනයේ හැසිරීම බිහිසුණු බවත් එය ඉන්දියාව සමග එල්ඒසී දේශසීමා ගැටුමේදී දුටු දෙයට සමාන බවත් ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පැවසීය.

එල්ඒසී (LAC) යනු ඉන්දියානු සහ චීන පාලන ප්‍රදේශ වෙන් කරන සීමා නිර්ණය වන අතර ඉන්දියාව LAC දිග කිලෝමීටර් 3,488 ක් ලෙස සලකන අතර චීනය එය කිලෝමීටර් 2,000 ක් ලෙස සලකයි.

නවදිල්ලියේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, චීනය ඔවුන් මින් පෙර නොදුටු ආකාරයෙන් අවට ලෝකය හැඩගස්වා ගැනීමට උත්සාහ කරන බවයි.

දකුණු චීන මුහුදේ මෙන්ම සහ ඉන්දියාව සමඟ සැබෑ පාලන රේඛාව දිගේ ද චීනයේ භයානක හැසිරීම ඕස්ට්‍රේලියා දැක ඇති බව ඔහු මෙහිදී පැවසීය.

මාර්ල්ස් පැවසුවේ රටක් තම දේශසීමා ආරවුල් විසඳීමට උත්සාහ කරන්නේ නීති මගින් නොව බලයෙන් නම් එය කනස්සල්ලට කරුණක් බවත් චීනය මේ වන විට එය සිදුකරමින් ඇති බවත්ය.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්ව ආර්ථික හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ සබඳතාව ගොඩනගා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද ඔහු මෙහිදී පැවසීය.

රිචඩ් මාල්ස් සිව්දින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඇති අතර ඔහු එහිදී ඉන්දීය නායකයන් රැසක් සමග සාකච්ඡා පැවත්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here