චීනය ටිබෙටයේ පරිසරය වනසන බවට චෝදනා

0
354

ටිබෙටයේ ස්වභාව ධර්මයට බැඳී ඇති පද්ධති චීනය විසින් විනාශ කරමින් සිටින බවත්, ඔවුන් එය කසල කලාපයක් ලෙස භාවිතා කරමින් එහි පරිසරය විනාශ කරමින් සිටින බවත් ටිබෙට් සංවිධාන ගණනාවක් චෝදනා කර තිබේ.

ටිබෙට් ප්‍රෙස් වාර්තාවක් පෙන්වා දෙන පරිදි දැනට ටිබෙටය පාලනය කරන චීනය, එම කලාපය ආරක්ෂිත තෝතැන්නක් වෙනුවට කුණු කසළ කලාපයක් ලෙස සලකන ලබයි.

චීනය මෙම සැලකිය යුතු පරිසර පද්ධතිය සහ අද්විතීය ජෛව පද්ධතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සම්පත් ටිබෙටයට ලබා නොදෙන බවටත් චෝදනා නැගී ඇත.

ඒ අනුව ටිබෙටය මේ වන විටත් බීජිං හි ප්‍රතිපත්ති මගින් යෝජනා කරන ලද පාරිසරික විනාශය සහ පරිහානිය හරහා දේශගුණික විපර්යාසවල කටුක යථාර්ථය අත්විඳිමින් සිටින බවට ප්‍රකාශ වී තිබේ.

විශාල ලිතියම් සහ න්‍යෂ්ටික (යුරේනියම්) පතල් වායුගෝලයේ හයිඩ්‍රොකාබන විමෝචනය කිරීම හරහා විශාල කාබන් ප්‍රමාණයම් නිර්මාණය කරනවා පමණක් නොව එය මෝසම් චක්‍රයට සමගාමීව බලපාන බව ද විශේෂඥ වාර්තා පවසයි.

අවසානයේ මෙය ටිබෙටයේ ගංගා සිඳී යාම, ග්ලැසියර දියවීම, නිත්‍ය තුහින දියවීම, ගංවතුර, තෘණ බිම් අහිමි වීම සහ තවත් බොහෝ දේවලට තුඩු දී ඇති අතර මේ සියල්ල සිදු වූයේ ෂී ජින්පින්ග් පාලනය යටතේ ටිබෙටයේ සිදු වූ පාරිසරික විනාශය හේතුවෙන් බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here