ගාල්ලට පුංචි සුනාමියක්!

0
655
tsunami

ඉදිරි පැය 24 තුළ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටුයතු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බවය.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 .5 ත් පමණ ඉහළයාමේ හැකියාවක් ද පවතිනු ඇති.

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර නිරිතදිග මෝසම් සක්‍රීය තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමෙන් ගාල්ල සමුද්‍ර මාවත අද සවස ජලයෙන් සහ වැලිවලින් පිරීම හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, වෙරළේ නවතා තිබූ ධීවර යාත්‍රා ද රළ පහරට හසුව මහා මාර්ගයට ගොඩ ගසා තිබූ බවයි.

මේ අතර මාරවිල තුඩුව ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here