නිමල් සිරිපාල ඉවතට?

0
416
nimal

ගුවන්සේවා අමාත්‍යංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ 05 පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.

මේ අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාවට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කිරීමත් සමගයි.

විපක්ෂ නායකවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තායි සෙන් නමැති ජපාන සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here