මන්නාරමේන් කෝටි එකහමාරක කේරල ගංජා තොගයක් මතුවෙයි..

0
498

මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ සඟවා තිබූ කේරල ගංජා තොගයක් සොයාගෙන තිබේ.

මන්නාරම පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ ගංජා තොගය සොයාගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී කේරල ගංජා කිලෝ 140ක් පොලීසිය විසින් සොයගෙන තිබේ.

එහි වටිනාකම එක්කෝට් හැටලක්ෂයක් පමණ බව සඳහන්ය.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් අදාළ ගංජා තොගය මෙරටට රැගෙවිත් ඇති අතර ගංජා තොගය සිලාවතුර මුහුදු තීරයට දමා සැකකරුවන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ගංජා තොගය මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here