මුහුදේ බෝයාවේ සිට මුතුරාජවෙලට තෙල් සපයන නලයක් පුපුරායයි

0
413

මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත සංකීර්ණයට මුහුදෙන් සැපයුම් සිදු කරන බෝයාවේ නළයක් පුපුරා යාම නිසා එම තෙල් සැපයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ටී.ජී. ජයසිංහ මහතා කියා සිටියේ එම නළය අලූත්වැඩියා කිරීමේ කටයුතු අද අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

බෝයාවේ නළය පිපිරීම  නිසා සිංගප්පූරුවෙන් පැමිණි නැවකින් බොරතෙල් ගොඩබෑම නතරවී තිබෙනවා.

කෙසේ නමුත් තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි සංස්ථා සභාපතිවරයා අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here