ප්‍රචණ්ඩත්වයට කැමති ඊනියා නායකයකුට හසුවී පාර්ලිමේන්තුව වටලන්න යන්න එපා – මහින්ද දේශප්‍රිය

0
721

පවතින අර්බුදය විසඳිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

එම නිසා එය වටලා පහරදීම මිලිටරිකරණයට අතවැනීමක් හා මර්ධනයට පාර කපා ගැනීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රචණ්ඩත්වයට කැමති කිසිඳු ජන පදනමක් නැති ඊනියා නායකයකුට රැවටී පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වැටලීමට නොයන ලෙස අරගලයේ නිරත තරුණ ප්‍රජාවගෙන් ඔහු කාරුණිකව ඉල්ලා සිටිනවා.

දේශපාලන බලය වැඩෙන්නේ බාහු බලයෙන්, අවි බලයෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් නොව නිෂ්ප්‍රචණ්ඩත්වයෙන් හා අවිහිංසාවෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

උපුටා ගැනීම – එසැණ පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here