ජනපති සිංගප්පුරූ ගිහින් නෑ..

0
475

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ANI පුවත්සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරී ඇති බවය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයිනේ සිට ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  

මේ අතර ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් කථානායකවරයා වෙත යොමුකර නොමැත. 

සිංගප්පූරුවට ගිය පසුව අදාළ ලිපිය තමන්ට ලබාදෙන බවට ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ සදහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා මාලදිවයිනට පැමිණීමට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ මාලේ අගනුවර විරෝධතාවයක ද නිරත වී තිබුණි. එහිදී එක් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here