ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු

0
895
Sri Lankan presidential candidate Gotabaya Rajapaksa on stage Wednesday in Homagama.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත නිල වශයෙන් ලබාදීම මීට සුළු මොහොතකට පෙර සිදු කර ඇත.

2019 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම ඡන්ද ප්‍රමාණය එනම් 6,924,255 ක් ලබාගෙන ඉන්පසු පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 2/3ක බහුතර බලයක් සහිතව බලයට පත් විය.

නමුත් ඔහුගේ පාලන කාලය තුළ පැවැති පරිපාලන සහ කළමනාකරණ දුර්වලතා වෙනත් කිසිදු රජයක් යටතේ පැවතියාට වඩා අතිශය පහළ මට්ටමක පැවතින.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහමුලින්ම කඩා වැටුනු අතර, ඉන්ධන, පොහොර, ගෑස් සහ ඖෂධ හිඟයක් රටතුළ නිර්මාණය විය.

ගාලුමුවදොර ඇරඹුණු සාමකාමී ජනතා අරගලයේ තුන්මස සම්පූර්ණ වන දිනයේ ජනතාව එකතු වී ඔහු රටින් එළවා දැමීමට කටයුතු කළේය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here