මන්දිර කැඩූ අයට වැඩ වරදී…

0
641

අරගලකරුවන් අතින් විනාශ වූ  ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල  දේපළ  සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට  රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ  පෞරාණික දේපළ  රැසක් විනාශ වී ඇති බව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  පසුගියදා තහවුරු කළහ. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද   අවශ්‍ය පියවර ගෙන ඇතැයි  රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

එම විනාශයන් සම්බන්ධයෙන්  දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළේය.

මන්දිරවල තිබී විනාශ වූ දේපළ  අතර පෞරාණික වටිනාකම් සහිත  ඒවා  රැසක් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here