චීන දුම්රියේ ණය ඩොලර් බිලියන 900 ට ලංවෙයි

0
410
Guangzhou, Сhina - December 12, 2014: High-speed trains in Guangzhou. The average speed of 250 km.

කලක් චීනයේ ලාභදායී අධිවේගී දුම්රිය මාර්ග දැන් ඩොලර් බිලියන 900කට ආසන්න ණයවලින් යුක්ත වන බව වාර්තා වේ.

වැඩිවන ණය හමුවේ වුවද, චීන රාජ්‍ය දුම්රිය සමූහය දැනටමත් ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලයේ ව්‍යාප්තිය දෙගුණ කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

චීනයේ අධිවේගී දුම්රිය ජාලය කිලෝමීටර 40,000 ඉක්මවන අතර ජාලයේ ව්‍යාප්තිය මන්දගාමී වීමේ සුළු සලකුණක් පෙන්නුම් කර ඇති බව ද පැවසේ.

චීන දුම්රිය 2025 දී කිලෝමීටර 50,000 ක් සහ 2035 දී කිලෝමීටර 70,000 ක් කරා ළඟා වීමට සැලසුම් කර තිබේ.

එය 2021 සිට දළ වශයෙන් සියයට 70 ක වැඩිවීමකි.

චීන රාජ්‍ය දුම්රිය පිරිවැය පියවා ගැනීම සඳහා රජය සතු බැංකු සහ තැරැව්කාර සමාගම් වෙත බැඳුම්කර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

රජය චීන ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ උත්සාහයන් වේගවත් කරන විට, එරට රාජ්‍ය දුම්රිය සමූහය 2021 අවසානය වන විට ඩොලර් බිලියන 882 (යුවාන් ට්‍රිලියන 5.91) දක්වා ණය බරක් හිමිකර දී ඇත.

එම අගය චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් පමණ වන බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here