නව කොරෝනා ප්‍රභේද මැද චීනයේ වැඩිහිටි ජනතාව නොසළකා හැර ඇති බවට චෝදනා

0
424
A medical worker administers a dose of the AstraZeneca vaccine against the coronavirus disease (COVID-19) to a woman during a vaccination session for elderly people over 75 years old, at a stadium in New Taipei City, Taiwan June 25, 2021. REUTERS/Ann Wang - RC2D7O9YGU11

මෑතකදී චීනය තුළ නව කොවිඩ් ඔමික්‍රෝන් උප ප්‍රභේදය අනාවරණය වුවද, බලධාරීන් විසින් වැඩිහිටි චීන ජනතාව නොසලකා හරිනු ලැබ ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

කොවිඩ්-19 ප්‍රථම වරට අනාවරණය වූ චීනය, රෝගීන්ගේ නව වැඩිවීමක් අත්විඳිමින් සිටින අතර එන්නත් අනුපාතය ඉහළ නැංවීමට බලධාරිහු උත්සාහ කරමින් සිටිති.

බීජිංහි, සියලුම පොදු ස්ථානවලට ඇතුළු වීම සදහා පැය 72ක් ඇතුළත ලබා ගත් කොවිඩ් පරීක්‍ෂණයක් මගින් රෝගියකු නොවන බවට සනාථ කිරීමට එහි වැසියන්ට සිදුව තිබේ.

වසංගත වැළැක්වීම සහ පාලනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, බෙදාහැරීම සහ අනෙකුත් ඉහළ අවදානම් අංශවල සේවය කරන පුද්ගලයින්ට සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම අත්‍යාවශය වේ.

CNN විසින් උපුටා දක්වන ලද රජයේ ප්‍රකාශයකට අනුව, ජනවාරි වන විට, බීජිං හි මිලියන 20 කට අධික පදිංචිකරුවන්ගෙන් සියයට 98 ක් බූස්ටර් මාත්‍රවක් ලබා ගත් මිලියන 12 ක් ඇතුළුව සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබේ.

කෙසේවෙතත්, වැඩිහිටියන් අතර එන්නත් අනුපාතය අඩු වී ඇති අතර අප්‍රේල් වන විට, 60 ට වැඩි බීජිං වැසියන්ගෙන් සියයට 80 ක් එන්නත් කර ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සින්හුවා වාර්තා කර තිබේ.

ආර්ථිකයට බරක් ලෙස සලකමින් චීනයේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් කොවිඩ් එන්නත් කර නොතිබීම, වයස්ගත පුද්ගලයින් ආරක්ෂක පද්ධතියෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් හිතාමතා කළ ක්‍රියාවක් විය හැකි බවට ද වාර්තා පළවී ඇත.

රෝහල් ඇඳන් සහ ප්‍රතිවෛරස් පෙති වැනි ප්‍රමාණවත් වෛද්‍ය සම්පත් තිබියදීත්, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගෙන් බහුතරයකට තවමත් එන්නත් ලබා දී නොමැති බව හොංකොං පෝස්ට් මීට පෙර වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here