ඇෆ්ගනිස්තානයේ සීක් සහ හින්දුන් ඉන්දියාවට

0
427

ඇෆ්ගනිස්ථානයේ සුළු ජාතීන් ඉන්දියාවට පැමිණීම අඛණ්ඩව සිදුවන බවත් දරුවෙකු ඇතුළු සීක් ජාතිකයින් 21 දෙනෙකු පසුගිය සතියේ දිල්ලියට පැමිණ ඇති බවත් වාර්තා වේ.

කම් එයාර් (Kam Air) විසින් මෙහෙයවනු ලබන කාබුල් සිට පැමිණි වාණිජ ගුවන් යානයක් දිල්ලි ගුවන් තොටුපල වෙත ඔවුන් රැගෙන ආ බවත් සියලුම ඇෆ්ගන් සීක් ජාතිකයන් වීසා නොමැතිව ඉන් පැමිණ ඇති බවත් සදහන් වේ.

ශිරෝමනී ගුරුද්වාරා පර්බන්දක් කමිටුව (SGPC) ඉන්දියානු ලෝක සංසදය සහ ඉන්දීය රජය සමඟ සම්බන්ධීකරණයෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්ථාන සුළු ජාතීන් – හින්දු සහ සීක් ජාතිකයින් ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ ඔවුන් මෙළෙස ඉන්දියාවට පැමිණ ඇත.

අදාළ ගුරැද්වාර් කමිටුව විසින් ඇෆ්ගන් සුළු ජාතීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් ගාස්තු ගෙවීමෙන් මානුෂීය ආධාර ලබා දී ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here