දැරියක් පැහැර ගැනීමට එරෙහිව පකිස්තානයේ හින්දුන් හිටපු ජනපති නිවස ඉදිරියේ විරෝධතාවයේ

0
452

වයස 16 ක් වන කරීනා නමැති හින්දු දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ආගමට හරවා විවාහ කර ගැනීමට එරෙහිව පාකිස්තාන හින්දු ප්‍රජාව විරෝධතාවයක නිරත වී තිබේ.

සින්ද් පළාතේ නවාබ්ෂා හි පිහිටි හිටපු ජනාධිපති අසිෆ් අලි සර්දාරිගේ නිවස ඉදිරිපිට අදාළ විරෝධතාවය පැවැත්වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

විරෝධතාකරුවන්ට අනුව, ඛලීල් රෙහ්මාන් ජෝනෝගේ පවුලේ සාමාජිකයන් විසින් ජූලි 6 වන දින කාසි අහමඩ් නගරයේ උන්නාර් මුහල්ලා ප්‍රදේශයේදී දැරිය පැහැරගෙන ගොස් ඇත.

එහිදී විරෝධතාකරුවන් පොලිසියට එරෙහිව සටන් පාඨ කියමින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැරිය සොයා ගැනීමට උදව් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here