ඉපැරණි සීක් දේවස්ථානයක් මස් මඩුවක් කරලා

0
523

වසර 1876 දී රාවල්පින්ඩි හි රාජා බසාර් හි බාබා කෙම් සිං බේඩි විසින් ඉදි කරන ලද ඓතිහාසික ගුරුද්වාරා ශ්‍රී දම්දාමා සාහිබ් පූජනීය ස්ථානය ප්‍රදේශවාසීන් විසින් ගව ඝාතකාගාරයක් සහ මස් කඩ ලෙස භාවිතා කරනු ලබන බව වාර්තා වේ.

බලධාරීන් විසින් නොසලකා හරින ලද එය මේ වන විට අබලන් තත්ත්වයේ පවතී.

පසුගිය වසර ගණනාවක් පුරා ගුරුද්වාරා ප්‍රධාන දොරටුව අසල මෙම මස් කඩ පිහිටා ඇත.

සංචාරකයින් සඳහා නවාතැන් ලබා ගත හැකි කාමර 75ක් ඇතුළු පහසුකම් වලින් සමන්විත වූ මෙය වෙළෙඳසල් හිමියන්ගේ පවුල්වල අය විසින් අනවසරයෙන් අල්ලාගෙන ඇති බව ද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here