අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල හදිසියේම පහල යයි..

0
1156
essential goods

කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳුන් සතුව ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන නොමැති වීම නිසා දින ගණනාවක් ප්‍රවාහනය කිරීමට නොහැකි වී තිබේ.

එම නිසා පිටකොටුවේ තොග වෙළෙඳුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිලද ඊයේ (25 වැනිදා) අඩු වී තිබිණි.

රුපියල් 625ක් ලෙස පැවැති පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 460 දක්වා අඩු වී ඇත.

එහෙත් ග්‍රාමීය ප්‍රදේශවල පරිප්පු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600 සිට 700 දක්වා වූ විවිධ මිල ගණන් යටතේය.

පිටකොටුවේ සීනි කිලෝවක තොග මිල ද ඊයේ (25 වැනිදා) රුපියල් 12කින් අ ඩු වී තිබිණි.

සීනි කිලෝවක තොග මිල රුපියල් 315ක් ලෙස පැවැති අතර එය රුපියල් 303 දක්වා අඩු වී ඇත.

මීට අමතරව හාල් මිලද අඩු වී තිබේ.

ඉන්ධන ලබා දුනහොත් පිටකොටුවේ තොග වෙළෙඳුන්ගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන ග්‍රාමීය ප්‍රදේශවලට බෙදාහැරිය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here