Tuesday, April 30, 2024

අලී ඇතුළට… මුදල් ගැන්න තරුණයාත් ඇතුළට…

ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීෂ් අලී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ධනීෂ් අලී පෙරේදා (26) කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගතවීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළුවී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළා යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ඒ අතරම කොටුව ජනපති මන්දිරයේ තිබූ කෝටි ගණනක් වටිනා මුදල සොයාගෙන එය ගණන් කර භාරදීමට මුල්වූ තරුණයෙකු සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනාවට යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles