ගංවතුරෙන් මියගිය අය සිහි කරන්නත් පොලිසියෙන් බාධා

0
339
A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

චීනයේ හෙනාන් ගංවතුරේ පළමු සංවත්සරය සැමරීම සඳහා සිසුන් පොදු ස්ථානයක මල් තබා ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබූ නමුත් පොලිසිය ඔවුන්ට බාධා කර ඇති බව වාර්තා වේ.

පසුගියදා සිසුන් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක මල් පූජා කර ශෝකය ප්‍රකාශ කිරීමට උත්සාහ කළත් පොලිසියෙන් ඔවුන්ට බාධා කළ අයුරු දැක්වෙන වීඩියෝවක් ටෙලිග්‍රාම් ඔස්සේ හුවමාරු වී තිබේ.

සෙන්ඝෝශුහි ප්‍රදේශවල ජනතාවට ලැබුණු නිල නොවන පණිවිඩවලට අනුව මල් පූජා කිරීම හෝ උපහාර දැක්වීම තහනම් කර ඇති බව හොංකොං මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර‍ ගංවතුර ආරම්භ වූ පසුගිය වසරේ ජූලි 20 වන දින පිළිබඳව මේ වසරේ අදාළ කාලසීමාවේ දී චීන මාධ්‍යවල කිසිදු සදහනක් නොවන බව ද පැවසේ.

පසුගිය වසරේ, චීන නගරවල ගංවතුර ආවරණය කිරීම සම්බන්ධයෙන් චීන රාජ්‍ය මාධ්‍ය විදේශීය මාධ්‍ය විසින් දැඩි විවේචනයට ලක් කර තිබිණ.
මෙම ගංවතුර තත්වයෙන් පුද්ගලයන් 400 ක් පමණ මියගිය අතර යුවාන් බිලියන 82 ක පමණ දේපළ විනාශ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here