ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දීය සුපිරි නළුවෙකු කැමැත්ත පළ කරයි..

0
494

දකුණු ඉන්දීය සිනමා නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ‘පද්ම භූෂන්’ කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා, ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමති බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.

එහි දී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ජනප්‍රිය නළු කමල් හසන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමේ කටයුතු සඳහා කරන මැදිහත්වීමක් ලෙස සිය චිත්‍රපට සහ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

අදාළ හමුවේ දී යි කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා, ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here