අද සිට උපදින සෑම දරුවෙකුටම උපතේදිම ජාතික හැඳුනුම් පතක්?

0
671

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකයත් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම තීරණය අද (01) දින සිට ආරම්භ කිරීමට නියමිත අතර ආරම්භයේ දී නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර, හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

උප්පැන්න සහතික ලබා ගත් සියලු දෙනා වයස අවුරුදු 15 එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලිමක දී අදාල අංකය අනුව ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here