පොළොව කැරකෙන වේගය වැඩි වෙයි.අපට බිහිසුණු ඉරණමක් අත් වේද?

0
684

ඉකුත් ජුලි 29 වන දා, ඉතිහාසයේ කෙටි ම දිනය වාර්තා වූ බව විද්‍යාඥයෝ පවසනවා.

ඒ අනුව, පෘථිවිය එහි සම්මත භ්‍රමණය වන පැය 24ට, වඩා මිලි තත්පර 1.59 කින් එදින තම භ්‍රමණයක් සම්පූර්ණ කර තිබුණා.

ඒ අනුව ඉකුත් 29 වැනි දා සැලකෙන්නේ මෙතෙක් වාර්තා වූ කෙටි ම දිනය නොහොත් අඩු ම භ්‍රමණ කාලයක් වාර්තා වූ දිනය ලෙසයි.

කෙසේ නමුත්, 1960 වසරේ සිට වාර්තා වූ කෙටි ම මාසය ලෙස 2020 වසරේ ජුලි මාසය වාර්තා වූ බවත්, ඒ අනුව කෙටිම දිනය වාර්තා වී තිබුණේ එම මාසයේ (ජූලි) 19 වැනි දා යි.

ඒ අනුව එදින (2020 ජූලි 19) පෘථිවියේ භ්‍රමණ කාලය වාර්තා වී තිබුණේ සාමාන්‍යයෙන් දිනක කාලය වූ පැය 24ට වඩා මිලි තත්පර 1.47ක් අඩුවෙන්.

පසුගිය 29 දා වාර්තා වූ පෘථිවියේ භ්‍රමණ වේගයේ වෙනසට හේතුව නිශ්චිතව තවමත් අනාවරණය වී නැතත්, විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙය පෘථිවියේ හරය අභ්‍යන්තර හෝ පිටත ස්ථරවල ක්‍රියාවලීන්, සාගර, වඩදිය බාදිය හෝ දේශගුණයේ වෙනස්වීම් නිසා සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here