කාන්චනගෙන් අලුත් වැඩක්?

0
563
kanchana

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, බෙදාහැරීමට සහ අලෙවි කිරීමට සුදුසු සමාගම් ඇගයීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ එම කමිටුව ඊයේ(05) දිනයේ පත් කළ බවයි.

ඒ අනුව CPC සහ LIOC සමඟ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව ලැබෙන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

QR කේතය සඳහා ලියාපදිංචි වීමට හෙට(07) දින පස්වරුව තෙක් අවස්ථාව හිමි නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ(05) පස්වරුවේ සිට පැය 48ක කාලයක් QR කේතය සඳහා ලියාපදිංචි අවස්ථාව හිමිනොවන බවයි.

කෙසේ වෙතත් මේ වනවිටත් QR කේතය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිතයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බව එම ට්ටිටර් පණිවුඩයේ සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here