IMF ණයට චීනෙන් කොක්කක්..

0
366

දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිටී ‘යුවාන් වැන්ග් 5’ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ නො ලැබ ආපසු ගියහොත් එම තත්වය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය පැකේජයන් සඳහා වන අවශ්‍ය වන චීන සහය ශ්‍රී ලංකාවට ලබා දීමේදී බාධාවක් ඇතිවිය හැකි බව චීනය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම නෞකාව මෙරටට ඇතුළු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පවා දැනටමත් පවත්වා ඇත.

එම සාකච්ඡා වලට සහභාගි වී ඇති කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නියෝජිතයන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී චීනයෙන් ලබා දෙන සහාය පිළිබඳව ශ්‍රී ලංකාව බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here