මාලදිවයිනේ හිටපු ජනාධිපති යමීන්ට බරපතල චෝදනාවක්

0
483
Abdulla Yameen, chief of the Progressive Party of Maldives, poses for a photo at his party office in Male, Maldives, March 21, 2022. Picture taken March 21, 2022. REUTERS/Alasdair Pal - RC227T9H3D92

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ස්ථානවලට ගොස් විදේශ හෝටල් හිමියන් සහ ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2014 සිට 2018 දක්වා මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහු සිංගප්පූරුවේ සිදු කළ මුළු සංචාර ගණන 11කි.

සංචාරයන් 11 න් 3 ක් පමණක් නිල සංචාරයන් ලෙස සටහන් වී ඇති අතර අනෙක් සංචාර 8 තනිකරම පුද්ගලික ඒවා වූ අතර ඔහු බොහෝ විට සංචාරය පිටුපස හේතු දැක්වීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ බව මාලදිවයින් වොයිස් වාර්තා කර තිබේ.
.
යමීන් සහ ඔහුගේ සොහොයුරා වන අහමඩ් අදීබ් ඔහුගේ පාලන කාලයේදී දූපත් බිම් කොටස් 50කට වැඩි ප්‍රමාණයක් කිසිදු අත්පත් කර ගැනීමේ ගාස්තුවක් නොමැතිව නීති විරෝධී ලෙස බදු දී ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

එසේම, කිසිදු ලංසු තැබීමේ ක්‍රියාවලියකින් තොරව සමාගම්වලට කොන්ත්‍රාත්තු ලබා දී ඇති අතර එයද නීති විරෝධී බව මාලදිවයින් වොයිස් වාර්තාවේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here